ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව භාණ්ඩ 843කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පුර්ණ වටිනාකම සමාන මුදල් තැන්පතු හෙවත් මුදල් ආන්තික අවශ්‍යතාව (Cash Margine) සීමා ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භාණ්ඩ 843 ට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවත් මෙම තීරණයත් සමඟ ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *