ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණයට ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 350ක ණය මුදලක් අනුමත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලංකාවට ලබා දෙන ආධාර කොටසක් බව ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ පුළුල් මූල්‍ය ආධාර පැකේජයේ කොටස ප්‍රතිපත්තිමය කරුණු මත අයවැය ශක්තිමත් කිරීම සඳහා ලබා දී ඇති බව ද අදාළ නිවේදනයේ දක්වා තිබේ.

ලංකාවේ ආර්ථික ස්ථායිකරණය සඳහා කිසිදු පැකිළීමකින් තොරව අඛණ්ඩව සහාය ලබා දෙන බවද එහි සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වය පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව සැලකිලිමත්ව කටයුතු කරන බව එහි සභාපති මසටිසුගු අසකාවා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *