නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව ආසන්නයේ පිහිටි පුද්ගලික ආයතනයක් පරීක්ෂා කිරීමේදී කූඨ ලේඛන සකස්කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් තිදෙනා නාරාහේන්පිට පොලිසිය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා

ඒ අනුව නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මොවුන් අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා

පසුගිය කාලය තුල නාරහෙන්පිට මෝටර් රථ ප්‍රවාගන දෙපාර්තමේන්තුව තුළ පරිඝනක දත්ත ලේඛන වෙනස් කරමින් බරපතළ වංචා දූශණ සිදුවන අතර එයින් රජයට විශාල පාඩුවක් වන බවද හෙළිදරව් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *