මීගොඩ සමුපකාර රක්ෂණ සමාගමේ සභාපති වැඩ භාරගැනීමට යාමේදී අද(05) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා තිබේ.

එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 62 හැවිරිදි වල්පිට බටවල පදිංචි පුද්ගලයෙකි.

ඔහු මීට පෙරද මෙම සමුපකාර රක්ෂණ සමාගමේ සභාපති ධුරයේ කටයුතු කර ඇති බව සඳහන් ය.

පොලිසිය සඳහන් කළේ, හිටපු සභාපති විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට සැකකෙරෙන බවයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *