ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම අද(13) සිදුවුණා.

ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ බවයි ධීවර අමාත්‍යංශය සඳහන් කරන්නේ.

රාජ්‍ය ආයතන නූතන ඩිජිටල් ලෝකයට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ නව වැඩපිළිවෙළට සමගාමීව ලංකා ධීවර සංස්ථාව මෙම නව ගෙවිම් ක්‍රමවේදය SLT මොබිටෙල් සහ Lanka Qr එක්ව හඳුන්වා දී තිබෙනවා.

බොහෝ යල්පැනගිය ක්‍රමවේද තවමත් අපේ රටේ රාජ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වන අතර ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වෙනවා මෙන්ම වංචා දූෂණ වැඩිවෙන්නත් යල්පැනගිය ක්‍රමවේද හේතු වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා පවසනවා.

ඒ අනුව දිවයින පුරා ඇති 100කට අධික ලංකා ධීවර සංස්ථා අලෙවිසැල් ජාලයේ ගෙවීම් අද (13) සිට QR කේත ක්‍රම ඔස්සේ සිදුකළ හැකි බවයි ධීවර අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *