අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාව ඇතුළු විෂයන් 40ක පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු හෙට (ජූනි 15) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින පුරා ඇගයීම් මධ්‍යස්ථාන 39කදී ඇගයීම් මණ්ඩල 519කදී පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිදුකරන බව ය.

ජූලි මස 4 වන දා දක්වා නගර 18ක් ක්‍රේන්ද්‍ර කරමින් එම ඇගයීම් කටයුතු සිදු කිරීම සඳහා පාසල් අර්ධ වශයෙන් යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බව ද සඳහන් ය.

එම ඇගයීම් කටයුතු අවසන් වීමත් සමග උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *