කතරගම – යාල වනෝද්‍යානයේ ලිං තුන ප්‍රදේශයේදී ඊයේ(13) වන අලි පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා පාද යාත්‍රාවේ යමින් සිටියදී කාන්තාවට වන අලියා පහරදී ඇති බවයි.

63 හැවිරිදි මියගිය කාන්තාව ඊච්චලම්පත්තුව – ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මේ වනවිට දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *