ලබන මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 16,000ක බඩඉරිඟු වගා කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂිව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන මගින් සහයෝගය ලබාදීමට සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදල (INTERNATIONAL FUND FOR AGRICULTURAL DEVELOPMENT- IFAD) එකඟතාවය පළ කර තිබෙනවා.

මෙරට සත්ත්ව ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක බඩ ඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියට හෙක්ටයාර් 16,000ක් තෝරාගෙන ඇති අතර අනුරාධපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්ක ඉලක්ක කර ගනිමින් එම බඩඉරිඟු ව්‍යාපෘතිය ලබන මහ කන්නයේ දී ආරම්භ කිරිමට නියමිතයි.

එම අරමුදලේ මෙරට නියෝජිත හා ආසියානු හා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා SHERINA TABASSUM මහත්මිය ඊයේ (13) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී අදාළ ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

උසස් තත්ත්වයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, බිම් සැකසීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ව්‍යාපෘතිය මගින් තෝරාගන්නා ලද බඩඉරිගු වගා කරන ගොවීන්ට නැවත අය කර නොගන්නා මුල්‍ය පහසුකම් ද ලබා දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *