නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු විශාලතම දුම්වැටි තොගය ලෙස දුම්වැටි මිලියන 200ක් අද(15) පෙරවරුවේ මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලගාරයේදී විනාශ කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා හා ජ්‍යෙෂ්ඨ රෙගු නිලධාරීන් ඉදිරියේ අදාළ දුම්වැටි තොගය විනාශ කළ බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමි වීමට ගිය ආදායම රුපියල් බිලියන 13ක් වන අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් බිලියන 15කට අධික බවයි.

2021 වසරේදී මෙරටට ආනයනය කර ඇති මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් වටලා තිබෙනවා.

පසුව ආනයනකරුවන් ඇතුළු පාර්ශ්ව වෙත රේගු ආඥා පනත යටතේ දඩ මුදල් නියම කිරීමෙන් පසු ඒවා රාජසන්තක කළ බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *