මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානය ප්‍රදේශයේ දී වෙඩි තබා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (15) රාත්‍රී කාලයේ දී අදාළ කාන්තාව සිය නිවස ඉදිරිපිට පිහිටි මවගේ නිවසේ සිට ආපසු පැමිණෙමින් සිටිය දී නිවසෙහි වැසිකිලිය අසල සැඟව සිටි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී තුවාල ලැබූ කාන්තාව මැදිරිගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් වන අතර ඇය විසින් අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීම සිදු කර පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *