මහව – බඩල්ගම, මහවැවෙහි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා පසුගිය 14 වනදා සවස් කාලයේ දී මහවැවෙහි මාළු ඇල්ලීම සඳහා ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණ ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ සෝදිසියකදී ඔහුගේ සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 53 හැවිරිදි බඩල්ගම, බලල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

මෘත දේහය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මහව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *