අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 27 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන්වල ප්‍රයෝගික පරීක්ෂණ මෙලෙස පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බව සඳහන්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්……….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *