මුලතිව් කෝකිලායි කලපුව සහ ජින්නපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු සිදු කළ ධීවරයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (15) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී ඩිංගි යාත්‍රා හතරක් 04 ක් සහ තහනම් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.

නාවික හමුදා භාරයට ගත් මෙම පිරිස වයස අවුරුදු 24 ත් 45 ත් අතර වයසේ පසුවන පෙරියපාඩු, කෝකිලායි සහ පුල්මුඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මේ අතර නාවික හමුදා මෙහෙයුම හමුවේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ජින්නපුරම් ප්‍රදේශයේ ධීවරයින් පාලනය කිරීම සඳහා අහසට අනතුරු ඇඟවීමේ එක් වෙඩි තැබීමක් ද නාවික හමුදාව විසින් සිදුකර තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔහු පුල්මුඩේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *