2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ඝෘණ වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ 11.5%ක ඝෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් කෘෂිකාර්මික ක්ෂේත්‍රය පෙර වසරට සාපේක්ෂව 0.8%ක සුළු වර්ධනයක් වාර්තා කර තිබෙනවා.

කර්මාන්ත සහ සේවා අංශ පිළිවෙලින් 23.4%ක් සහ 5%ක් ලෙස පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *