ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසකට කිසියම් පිරිසක් විසින් පහර දී තිබෙනවා.

ප්‍රහාරයෙන් එම නිවසේ ජනෙල් අටකට හානි සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

එම නිවසේ ආරක්ෂාවට යොදවා සිටි සේවකයා පමණක් අදාළ අවස්ථාවේ නිවසේ සිට තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුට සැකකරුවන් හඳුනාගැනීමට හැකියාවක් ලැබී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *