ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 78 ක්, සධීර සමරවික්‍රම ලකුණු 73 ක්, පැතුම් නිස්සංක ලකුණු 57 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම වෙනුවෙන් Ali Naseer කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 356 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *