ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නියෝගයක් නිකුත් කළේය.

ඔහුට ප‍්‍රධාන විත්තිකරු වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කරන ලදී.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී සිදු කළ විරෝධතාවයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරමින් මෙම නඩු කටයුත්ත පැවැත්වෙයි.

විනිසුරුවරයා තව දුරටත් කියා සිටියේ මෙම නඩු කටයුත්ත විභාගයට ගන්නා සෑම දිනකම විත්තිකරුවන් මාරුවෙන් මාරුවට අධිකරණය හමුවේ පෙනී නොසිටිමෙන් කිසිදාක විභාගයට ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

ඒ අනුව සියලු දෙනාම රක්ෂිත බන්ධනාගාර ගත කර නඩු ඇසීමට සිදු වනු ඇතැයිද විනිසුරු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *