රංගන ශිල්පී විජය රඟන ලියෝ චිත්‍රපටයේ බොහෝ දර්ශන මේ වන විට අවසන් කර තිබෙන අතරචිත්‍රපටයේ පළමු ප්‍රචාරණ පෝස්ටරය එළිදක්වා තිබෙනවා.

කෙසේ වෙතත් හරිත නිජබිම සංවිධානයේ මෙයට එරෙහිව නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අදාළ පෝස්ටරය තුළ විජය දුම්වැටියක් බොන ඡායාරූපයක් පළකර තිබීම හේතුවෙන්.

සිනමා වීරයන් ලවා දුම්පානය කරන දර්ශන පෙන්වීම හරහා තරුණයන් දුම්පානයට ඇබ්බැහි වන බවයි ඔවුන් කියා සිටින්නේ.

එවැනි වෙළෙඳ දැන්වීම්  COTPA 2003 ඉන්දියානු දුම්කොළ පාලන පනත යටතේ වරදක් බව දැන දැනම මෙම දැන්වීම පළ කර තිබෙන බව ඔවුන් චෝදනා එල්ල කරනවා.

එමෙන්ම හරිත නිජබිම සංවිධානය පෙන්වා දෙන්නේ මෙම අපරාධය වසර 5 ක සිර දඩුවමක් ලැබිය හැකි වරදක් වන බවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *