හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත ඔහු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *