” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධාන කළ නිෂ්පාදන ආයතන 26 ක දේශීයව එකලස් කළ වාහන 150 කට අධික ප්‍රමාණයක් සහිත ‘ජාතික වාහන පෙරහැර’ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස (21) පවත්වා තිබෙනවා.

මෙම වාහන පෙරහැර ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර පිට කොටුව, මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් සිව් දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුව ද 2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වාදීමෙන් පසුව මේ වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *