ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගිතාව සඳහා යෝජිත සැලැස්ම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සමග සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ(22) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ආර්ථික සහයෝගීතාව පිළිබඳ යෝජිත ක්‍රියාකාරී සැලැස්ම ගැන සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

සංචාරක ප්‍රවර්ධනය සඳහා දෙරට අතර ගුවන් ගමන් වැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය මහා කොමසාරිස්වරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ඩිජිටල්කරණය, විකල්ප බලශක්ති සහ කෘෂි කර්මාන්තය වැනි ක්ෂේත්‍ර සඳහා ඉන්දීය ආයෝජන වැඩි කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *