වාකරේ – කදිරවේලි රක්ෂිතයේ අක්කර පහක පමණ භූමි ප්‍රමාණයක් එළි කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 සහ 50 යන වයස්වල පසුවන පාල්දෙනෙයි, කදිරවේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *