ආරම්භයේ සිටම කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපනයේ සහ පර්යේෂණවල විශාල ප්‍රගතියක් ලබා ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(23) පැවති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි අලුතින් ඉදිකරන ලද යටිතල පහසුකම් විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

විශ්වවිද්‍යාලයේ ප්‍රමිතීන් ඉහළ නංවමින් දේශීය හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා උපකුලපතිවරයා ඇතුළු අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සේවය විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා ද වන ජෙනරල් ගුණරත්න ඇගයීමට ලක් කළා.

වේරහැර ‘සෝමාදේවි’ කාන්තා නේවාසිකාගාර සංකීර්ණය සහ නීති පීඨය, කළමනාකරණ, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ඇතුළු රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි ගොඩනැගිලි කිහිපයක් සහ මූලස්ථාන සංකීර්ණය අලුතින් එක් කළ පහසුකම් අතර වනවා.

ආරක්‍ෂක අංශයට සහ රාජ්‍ය සේවයට ඉමහත් දායකත්වයක් ලබාදුන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙහි විශිෂ්ඨ ආදි විද්‍යාරථින්ගේ සේවය ඇගයීමේ අරමුණින් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘Hall of Fame’ හි සමාරම්භය ද මෙහිදී එක් කරන ලද සුවිශේෂී අංගයක් වූ බවයි සඳහන් වන්නේ.

ගොඩබිම්, සමුද්‍රීය සහ ගුවන් ආරක්‍ෂක යන අත්‍යවශ්‍ය අංග ඇතුළත් Post Independence Defence Policy ග්‍රන්ථය එළිදැක්වීම සහ සම්මන්ත්‍රණයද එහිදී පැවැත්වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *