වත්මන් පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතාට ලබා දී ඇති සේවා දිගුව අදින්(26) අවසන් වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා පත්කරන්නේ කවුරුන් ද යන්න මෙතෙක් තීරණය කර නැහැ.

වත්මන් පොලිස්පතිවරයා පසුගිය මාර්තු මස විශ්‍රාම යාමට නියමිතව තිබූ අතර ජනාධිපතිවරයා පියවර ගත්තේ ඔහුට මාස තුනක සේවා දිගුවක් ලබාදීමටයි.

ඒ අනුව මාර්තු මස 26වන දින සිට එය ක්‍රියාත්මක වන බවට දක්වමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

එම ගැසට් නිවේදනයට අනුව පොලිස්පතිවරයාගේ සේවා දිගුව අවසන් වීමට ඇත්තේ අද දිනයටයි.

නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් විදෙස් ගතව සිටින ජනාධිපතිවරයා දිවයිනට පැමිණිමෙන් අනතුරුව ගනු ඇති බවටයි මේ වනවිට වාර්තා වන්නේ.

මීළඟ පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ යන මහත්වරුන්ගේ නම් මේ වනවිට යෝජනා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *