නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ පොලිස් භාරයට ගනු ලබන නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් වෙත ලබා දෙනු ලබන ත්‍යාග මුදල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ පොලිස් භාරයට ගනු ලබන නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන තෑග මුදල්වල වටිනාකම මාසයක කාලයක් සඳහා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ දිවයින තුළ සංසරණය වන බවට පසුගිය කාල සීමාව තුළ වාර්තා වූ ඇතැම් අපරාධ මගින් නිරීක්ෂණය වී ඇති අතර එම තත්ත්වය නීතියේ ආධිපත්‍ය ස්ථාපනය කිරීම සඳහා මෙන් ම මහජනයාට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම සඳහා බාධාවක් වන බවට හඳුනා ගෙන ඇත.

එබැවින් එවැනි නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ සෙවීමේ මෙහෙයුම් තවදුරට ත් වැඩි කිරීම සඳහා අදාළ පියවර ගෙන තිබේ.

ඒ අනුව, එහි මූලික පියවර වශයෙන් අදාළ ත්‍යාග මුදල් ගෙවීම, 2023.06.25 දින සිට 2023.07.31 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලබන නීති විරෝධී ගිනිඅවි හා අත්බෝම්බ සඳහා ලබා දීමට නියමිත ය.

එම ත්‍යාග මුදල්වල වටිනාකම පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *