රට පුරා ඇති සිසුන් සියයකට වඩා අඩු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පාසල් දෙදහසක් වසා දැමීමට ආණ්ඩුව සැලසුමක් සකස් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇති පාසැල් ප්රතිව්යුහගත කිරීමේ ව්‍යාපෘතිය මගින් මෙය සිදුවෙමින් ඇති බවයි.

ගතවූ වසර තුනක කාලයේ දී පමණක් සිසුන් 100ට අඩු පාසල් තුන්සීයක් පමණ වසා දමා ඇති බවද හෙතෙම කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *