සාරියකින් බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන්, නාවලපිටිය, මොන්ටික්‍රිස්ටෝවත්ත ප්‍රදේශයේ කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස ගියගොස් ඇත්තේ වයස අවුරුදු 09ක පමණ කුඩා දරුවෙක්.

වයස අවුරුදු 03ක් පමණ වන තම සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මියගිය දරුවාගේ මව විදේශගතව සිටින අතර, පියා ප්‍රදේශයේ වත්තක සේවය කරනවා.

අදාළ දරුවන් නිවසේ සිට ඇත්තේ සිය මිත්තණිය සමගයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *