දැනටමත් උතුරු නැගෙනහිර පළාත් තුළ නිහඬ යුද්ධයක් ක්‍රියාත්මක වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාබරන් මහතා සඳහන් කරයි.

දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශයන්හි වෙහෙර විහාර ඉදි කිරීමෙන් ශ්‍රී ලංකාව මුළුමනින්ම සිංහල බෞද්ධ රටක් බව සංචාරකයන්ට පෙන්වීමේ අරමුණක් ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

මඩකලපුවේ පැවති උත්සව සභාවකට සහභාගී වන හෙතෙම මේ බව කියා සිටියේය.

දෙමළ ජනතාවට තම නිදහස ගැන ඇති අරමුණ තවමත් අමතක වී නැති බවද පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව ලබා දෙන තීරණයක් භාරගෙන ජනතාවට ද්‍රෝහි වීමට සූදානම් නැති බවද එහිදී අවධාරණය කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *