ICC ලෝක ක්‍රිකට් කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 48 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 213 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 93 ක්, දිමුත් කරුණාරත්න ලකුණු 33 ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28 ක් හා වනිඳු හසරංග ලකුණු 20 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Logan van Beek කඩුලු 3 ක්, Bas de Leede කඩුලු 3 ක්, Saqib Zulfiqar කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 214 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *