ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 328ක් වනවා.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346ක් ලෙසයි.

ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308ක් වනවා.

රුපියල් 09කින් පහළ දමා ඇති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 236ක් ලෙසයි දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *