ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ නිල ෆේස්බුක් පිටුවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අනුව අදාළ ෆේස්බුක් පිටුවේ නිල ඡායාරූපය වෙනස් කොට ඒ වෙනුවට අඩ නිරුවත් තරුණියකගේ ඡායාරූපයක් එක්කර ඇති බව දැකිය හැකියි.

මීට අමතරව අසභ්‍ය ජපන් චිත්‍රපටයක කොටසක්ද එම ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව (Department of Government Information) ඊයේ 30 දහවල් සිට හැකර්වරුන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.

ඊට අදාළ තාක්ෂණික හා නීතිමය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින අතර රජයේ නිල තොරතුරු හා ප්‍රවෘත්ති මෙම නිල ෆේස් බුක් පිටුවේ යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස් බුක් පිටුව වෙත පිවිසෙන පරිශිලකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *