තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා හස්තියා අද(02) උදෑසන 7.30ට කටුනායක ගුවන් තොටුපලේ සිට තායිලන්තයේ බැංකොක් නුවර ෂියන්මායි ගුවන් තොටුපල වෙත රැගෙන ගියා.

ඒ, රුසියානු ඉලුෂියන් – 76 ගුවන් යානයෙන්.

මුතුරාජා හස්තියා කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ආවේ විශේෂ රථයකින්.

ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.

වසර 22ක් පුරාවට මෙරට සිටි මුතුරාජාට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබා දීම සඳහායි තායිලන්තය දක්වා මෙලෙස රැගෙන ගියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *