ICC කාන්තා ශූරතාවලියේ දී නවසීලන්තයට එරෙහිව එක්දින තරඟාවලිය තරඟ 2-1 ක ලෙස තරඟාවලි ජයක් ලැබීමෙන් පසු  ICC කාන්තා එක්දින පිතිකාරිනියන්  ශ්‍රේණිගත කිරීම්හි අංක එකට පැමිණි පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වන්නට චමරි අතපත්තු සමත්වුණා.

අතපත්තු තරග තුනකදී ලබාගත් ශතක දෙක ඇය ස්ථාන 6ක් ඉදිරියට ගෙන ගොස් ඇති අතර, Harmanpreet Kaur, Meg Lanning සහ Laura Wolvaardt වැනි ක්‍රීඩිකාවන් අභිබවා යමින් පසුගිය මැයි 10 සිට පිතිකරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටි ඕස්ට්‍රේලියාවේ Beth Mooney පසු කරන්න චමරි අතපත්තු සමත්වුණා.

අතපත්තු පළමු තරගයේදී පන්දු 83කදී නොදැවී ලකුණු 108ක් සහ අවසන් තරගයේදී නොදැවී ලකුණු 140ක් ලබාගනිමින් ඇය තරඟාවලියේ හොදම ක්‍රීඩිකාව ලෙසද නම් කෙරුණා.

මීට පෙර කුමන හෝ ශ්‍රේණිගත කිරීමක අංක එකේ ස්ථානයට පත්ව ඇත්තේ තවත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනකු පමණි – වමත් පන්දු යවන්නියක් වන උදේශිකා ප්‍රබෝධනී (විස්සයි20 පන්දු යැවීම) සහ ශෂිකලා සිරිවර්ධන (විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්) යන ශ්‍රේණිගත කිරීම්හි එකට පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *