ශ්‍රී ලංකා -නවසීලන්ත කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය තරඟ 2-1ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව අද සමත්වුනේ තුන්වන තරඟය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 8කින් පරාජය කරමින්.

නවසීලන්තයට එරෙහිව ඕනෑම තරඟ රටාවකදී ශ්‍රී ලංකාව වාර්තා කල පළමු තරඟාවලි ජයග්‍රහණය මෙයයි.

මේ තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ඉනිමට වර්ෂාව හරස් වූ අතර ඔවුන් පන්දුවාර 31කදී කඩුලු 2කට ලකුණු 127ක් රැස්කළා.
සුසී බේට්ස් ලකණු 63යි.

නායක සොෆි ඩෙවින් නොදැවී ලකණු 38යි.

පිළිතුර ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හිමිවුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එම ඉලක්කය පන්දුවාර 26.5කදී කඩුලු 2ක් පමණක් දැවී සපුරාගැනීමට සමත්වුණා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කල චමරි අතපත්තු ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුවහන් කරමින් නොදැවී ලකුණු 140යි.
නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 48යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *