අද උදෑසන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් යලි රක්ෂිත බන්ධනාගාර ගත කල නතාෂා එදිරිසුරියට ඇප ලබා දෙන්නට කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කළා. 

කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියෝග කලේ ඇය ලබා 12වෙනිදා දක්වා යලි බන්ධනාගාර ගත කිරීමටයි.

නමුත් මහාධිකරණයට ගොනුකළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු ඇයට ඇප ලබාදී තිබෙනවා.

මෝඩාභිමානය නම් ප්‍රහසන වැඩසටහනකදී ඇය බුද්ධාගම සම්බන්ධයෙන් ඉදිරිපත් ඉදිරිපත් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට දිරිපත් කළ අතර ඉන් අනතුරුව ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ සම්බන්ධයෙන් SLVLOG යුටියුබ් චැනලයේ අයිතිකරු බෘනෝ දිවාකර ද අත්අඩංගුවට ගත් අතර ඔහු ඇප මත මුදාහැරියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *