දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා සඳහන් කළේ, දුම්රිය මෙහෙයුම් පාඩුව අවම කිරීම හා මගීන්ට කාර්යක්ෂම සේවයක් සැලසීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවා පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති නියෝජිතයින්ගෙන් ද අදහස් ලබා ගැනීම ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂිකව ඒ සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට ද අපේක්ෂිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *