ඛනිජ තෙල් සංස්ථාවේ නීති රීති වලට අනුකූලව අවම ඉන්ධන සංචිත පවත්වා නොගැනීම හේතුවෙන් රාජගිරිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන තිබෙනවා.

ඒ ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත ඊයේ උදෑසන සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි.

මෙම රාජගිරිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ බෙදුම්කරු සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇති ගිවිසුම්ට අනුව සෑම වර්ගයකම ඉන්ධන වලින් අවම වශයෙන් 50% ඉන්ධන තොගයක් සෑම අවස්ථාවකදීම පවත්වාගෙන යාම අනිවාර්ය වනවා.

නමුත් මෙම ඉන්ධනහලෙන් එසේ ඉන්ධන තොග පවත්වාගෙන ගොස් නොමැති බවට මහජනතාවගෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මෙම ඉන්ධනහලේ ගෙවුනු දින කිහිපයකම ඉන්ධන තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඉන්ධනහලේ බෙදුම්කරු අවශ්‍ය පරිදි තොග ඇනවුම් නොකර මහජනතාව පීඩනයට පත් කර ඇති බැවින් ඊයේ උදෑසන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලහල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන තිබෙනවා.

බෙදුම්කරු අවශ්‍ය පරිදි තොග ඇනුම් නොකර මහජනතාව පීඩනයට පත් කර ඇති බැවින් ඊයේ උදෑසන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් මෙම සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගෙන තිබෙනවා.

නමුත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරු පවසන්නේ සිය ඉන්ධන පිරවුම්හල සතු ඉන්ධන පැවති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *