පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන  යාමේ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක හමුදාවකට සම්බන්ද තරුණියක ඇතුළු සිව්දෙනෙකු අද අළුයම  අත්අඩංගුවට ගත්බව පානදුර පින්වත්ත පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් ඊයේ (04) පස්වරුවේ අළුබෝමුල්ල පින්වත්ත අතුරු මාර්ගයේදී ත්‍රිරෝද රථයකින් පැමිණ පැහැරගෙන ඇති බවට  තරුණයා සහ ඔහුගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලීසිය පවසයි.

පැහැරගැනීමට ලක්වූ  තරුණයා සහ  පැහැරගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කරගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බවත් පොලිසිය කීය.

තරුණයාව පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බව මුදාහැර ඇති බවද පොලිසිය පවසයි.

පැහැර ගැනීම සදහා සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථය සහ රියදුරු  සොයා පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගෙන ඇති තරුණිය ආරක්ෂක හමුදාවකට සම්බන්දව රාජකාරි කරන බවත්, පැහැරගැනීමට ලක්වූ තරුණයා පෞද්ගලික සමාගමක සේවය කරන බවත් පොලිසිය කීය.

සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර  පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *