කටුනායක ආයෝජන වෙළෙඳ කලාපයේ (BOI) කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බවත් ඒ සඳහා ආයෝජනය කිරීමට විදෙස් ආයෝජකයන් 11 දෙනකු මේ වන විට කැමැත්ත පළ කර ඇති බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවැසුවා.

මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඉදිරි වසර දෙක තුන පමණක් රුපියල් බිලියන 5කට අධික ආදායමක් උපයා ගැනීමට හැකි බවත් සමස්ත ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලැබී ඇති බවත් ඇය කීවා.

පසුගිය සමයේ මෙම ව්‍යාපෘතිය නිලධාරීන් අතර පැවැති ගැටුම්වලින් විනාශ වූ නමුත් මෙවර එය අසාර්ථක වීමට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවද ඇය තරයේ කියා සිටියා.

නව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් දෙස් විදෙස් ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බවත් ඇය වැඩිදුරටත් පැවැසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *