මුතුරාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බවට තායිලන්තයේ පරිසර අමාත්‍ය Varawut Silpa-archa ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් එම හස්තිය යළි ශ්‍රී ලංකාවට එවීමේ ඉඩකඩ ඉතා සීමිත වන බවයි පැවසෙන්නේ.

එම මාධ්‍ය වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේ නමක් මුතුරාජා සුව වූ පසු යළි ගෙන්වා ගන්න බවට සිදු කළ ඇති ප්‍රකාශය සාකච්ඡාවට බඳුන් නොකළ යුතු කාරණයක් බවයි.

මේ වනවිට තායිලන්තයේ පශු වෛද්‍යවරුන් විසින් මුතුරාජා පරික්ෂාවට ලක් කර ඇති අතර, ඇසේ සුද පැමිණීම, ඉදිරිපස වම් පාදය නැමිය නොහැකි වීම, උකුල් ප්‍රදේශයේ තුවාල පැවතීම, නියපොතුවල සහ පාද හතරේම ඇතැම් ගැටලු පැවතීම වැනි තත්ත්වයන් අනාවරණය කරගෙන ඇති බවයි එම වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

එසේම, ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ලබා දී ඇති සෙසු ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ද පරිසර අමාත්‍යවරයාගේ අවදානය යොමුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *