කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් විසින් පාර්සලයක් ලබා ගැනීම සඳහා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත සුඛෝපභෝගී රථයකින් පැමිණි දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති අතර CCTV දර්ශන ඔස්සේ පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *