මහනුවර මහ නගර සභාවේ නිලධාරීනියක් පවුලේ විවාහ මංගල උත්සවයක් සඳහා අවශ්‍යය ගෙවීම් කිරීමට එම නගර සභාවට ගෙවීම් ලෙස ලැබුණු මුදලක් රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

අදාළ නිලධාරීනිය මහනුවර නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයේ ප්‍රධාන කළමනාකාර සේවා නිලධාරිනිය බව ද වැඩිදුරටත් වාර්තා වේ.

එම අංශයට ගෙවීම් ලෙස ලැබී තිබූ තිබූ රුපියල් ලක්ෂ 51කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර ඇය විසින් මංගල උත්සවය සදහා රැගෙන ගොස් තිබේ.

නගර සභාවට බදු, වරිපනම්, ජල බිල්පත් ගාස්තු ඇතුළු සියලු ගෙවීම් සිදු කරනු ලබන්නේ සරප් අංශය මගින් වන අතර මෙහි දෛනිකව රුපියල් ලක්ෂ ගණනක මුදලක් එකතු වේ. එම මුදල් දෛනිකව එකතු වන මුදල් පොත්වල සටහන් කර නගර සභාවේ ගිණුමට බැර කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *