ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ පස්වැනි තරගය ලෙස එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හිදී ලබන 26 වැනිදා පැවැත්වෙන තරගයේදී වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට ගෙනඒමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචිමාර්ග සඳහන් කරයි.

ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ ස්ථානයට මැතිව්ස් පහළොස්දෙනාගේ සංචිතයට පැමිණීමට නියමිත බවත් ඒ අනුව මැතිව්ස් අංක 6 පිතිකරු ලෙස පන්දුවට පහරදීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මැතිව්ස්ට ඕවර කීපයක් ද ක්‍රියාත්මක කිරීමට පැවරෙනු ඇත.

මැතිව්ස් එකොලොස් දෙනාගේ කණ්ඩායමට පැමිණීමත් සමග චාමික කරුණාරත්නට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද කණ්ඩායම් ආරංචි මාර්ගයවලින් වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *