රජයේ වාහන සහ ඉන්ධන වියදම් අවම කරගැනීම සඳහා නිර්දේශ 7ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රාජ්‍ය වියදම් කළමනාකරණය යටතේ නිල වාහන හා ඉන්ධන සම්බන්ධ විධිවිධාන සමාලෝචනය කිරීමේ කමිටුව විසින්.

ඒ පහත සඳහන් ලෙසයි.

1. නිල වාහනයක් හිමි එක් නිලධාරියකු සඳහා සෑම අවස්ථාවක දීම එක් නිල වාහනයක් පමණක් හිමි ගැන්වීම

2. නිල වාහන හිමිගැන්වීමේදී ඉදිරියේ දී අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහන වෙනුවට වඩාත් ඉහළ ඉන්ධන අරපිරිමැස්මක් සහිත වාහන භාවිත කිරීම පිළිබඳව සීමා පැනවීම

3. ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලබන සියලුම කාණ්ඩවල නිලධාරීන්ගේ නිලවාහන හිමි ගැන්වීම හා ඉන්ධන ලබාදීම සඳහා වන ක්‍රමවේද ඇතුළත් එක් පොදු චක්‍රලේඛයක් නිකුත් කිරීම

4. ඊට සමගාමීව රාජ්‍ය ව්‍යාපාරවල නිලධාරීන් සම්බන්ධයෙන් වාහන හා ඉන්ධන වියදම් හිමි ගැන්වීම සම්බන්ධ පොදු චක්‍රලේඛයක් මහා භාණ්ඩාගාරය මගින් නිකුත් කිරීම

5. වාහන හිමි ගැන්වීම හා ඉන්ධන වෙන් කිරීම සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් භාවිත කරන පැරණි ප්‍රතිපාදන හා උපදෙස් මාලා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම

6. රජයේ නිලධාරීන්, අධිකරණ නිලධාරීන්, රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන නිලධාරීන් සහ පොලීසියේ නිලධාරීන් ද්විතීයන පදනම මත හෝ වැඩ රාජකාරි සඳහා වැඩ බැලීමේ පදනම මත රාජකාරියේ යොදවා ඇති තනතුරට අදාළව තීරණය කොට එක් නිලධාරියකුට වාහන සම්බන්ධයෙන් අදාළ විය යුත්තේ එක් හිමිකමක් පමණක් කිරීම

7. දැනට භාවිතයට නොගන්නා වාහන අනිවාර්යෙන් අපහරණය කිරීම හා විශාල පිරිවැයක් දරමින් නඩත්තු කරන වාහන ද අපහරණය කිරීමේ ක්‍රමවේදයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *