පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කනස්සල්ලෙන් පසු වන බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චං සඳහන් කරයි.

මෙම පනතෙන් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් බාධාවක් බවත් පවසන ඇය නවෝත්පාදනයට හා පෞද්ගලිකත්වයට ද බාධාවක් වී ඇතැයි කියා සිටී.

විනිවිද භාවයකින් තොරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සකස් කර ඇති බවත් එය සකස් කිරීමේදී සියවැල් සමාජ ක්‍රියාකාරීන් හෝ තාක්ෂණික සමාගම් නියෝජනයක් වී නැති බවද ඇය පෙන්වා දෙයි.

මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සියයට හැත්තෑවකට වැඩි පිරිසක් කිසිදු දැනුවත් බවක් නැති බවද පෙන්වා දෙන ඇය ගෝලීය වශයෙන් විශාල සමාගම් වන ගූගල් මෙටා ෆේස්බුක් වැනි ආයතන ඇතුළත් සන්ධානයක් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ මෙම පනත ක්‍රියාවට නැංවිය නොහැකි පනතක් බව යැයි ද ඇය පෙන්වා දුන්නාය.

එම පනතෙන් අරමුණු කරන අන්තර්ජාල අපරාධ වැළැක්වීම වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මතවාද ආක්‍රමණය කිරීමක් ලෙස සැලකිය හැකි බවද ඇය තවදුරටත් කියා සිටියාය.

කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *