ජෝර්දානයේ අමෙරිකානු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ඉරානයේ පිටුබලය ලබන මිලීෂියාවකට දොස් පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක John Kirby පවසන්නේ එම ප්‍රහාරයට ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධය වගකිව යුතු යැයි එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන බවයි.

එක්සත් ජනපදයේ ප්‍රතිචාරය කුමක්දැයි තමන් දැනටමත් තීරණය කර ඇති බවයි ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ

මෙම ප්‍රහාරයෙන් එක්සත් ජනපද සොල්දාදුවන් තිදෙනෙකු මිය ගිය අතර අවම වශයෙන් තවත් එක්සත් ජනපද භටයින් 40 දෙනෙකුට පමණ තුවාල සිදුවූ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා.

එක්සත් ජනපදය ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක John Kirby පවසන්නේ අප කැමති වේලාවක සහ අපගේ කාලසටහනට අනුව එය වනු ඇති බවයි.

පසුගිය පැය 48 තුළ ඔබ කිසිවක් දැක නැති නිසා, ඔබ කිසිවක් දකින්නේ නැති බව එයින් අදහස් නොවන බවත් ඔහු පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *