එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10 ට අධික වටිනා මත්පැති තොගයක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවසේ ගබඩා කර තිබූ මත්පැති පෙති 192,000ක (එක් ලක්ෂ අනූ දෙදාහයි) ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම නිවස වටලා එහි ගබඩා කර තිබූ මත්පැති සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විදේශ රටක සිට ගෙන්නන ලද මෙම මත්පෙති කාඩ්බෝඩ් පෙට්ටි වල අසුරා තිබූ බවත් ඒවා කොළඹ ඇතුළු ප්‍රදේශ වෙතට මහා පරිමාණයෙන්කො අලෙවි කිරීම සඳහා මෙලෙස ගබඩා කර තිබී ඇති බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *