2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ඊයේ වනවිට රුපියල් බිලියන 9.6ක් ‌ගොවි ජනතාව වෙත ලබා දී ඇති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත මහ කන්නයේ වී වගාව හා ඒ ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක බැගින් ගොවීන් මිලියන 1.2කට එම මුදල් ලබා දීමට රජය තීරණය කළා.

ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *