රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර හෙට (05) ආරම්භ වනවා.

2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය දෙසැම්බර් 22 වැනිදා අවසන් වූ අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ආරම්භ වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත් උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය නැවත වරක් පැවැත් වීමට සිදු වීම හේතුවෙන් එය හෙට (05) දිනය දක්වා කල් දැමීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *