අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක් සඳහා මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් සංශෝධනය කර බව බව පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව මිල සංශෝධනය කර ඇත්තේ වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ළූනු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන ආහාර ද්‍රව්‍යවලයි.

වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 870ක්, සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265ක්, ආනයනික හාල්මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 900ක්, ලොකු ලූණු කිලෝවක තොග මිල රුපියල් 320ක්, අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 120ක් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 295ක් ලෙස නැවත ප්‍රසිද්ධ කර ඇත.

වියළි මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 280ත් 310ත් අතර, හාල්මැස්සන් කිලෝවක සිල්ලර මිල රුපියල් 1050ත් 1400ත් අතර, ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 360ත් 420ත් අතර, අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180ත් 250ත් අතර සහ පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 310ත් 380ත් ලෙස නැවත ප්‍රසිද්ධ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *